Home දේශීය පුවත් උණුසුම් පුවත් 11 සහ 13 ශ්‍රේණිවලින් පාසල් පටන්ගන්න අවධානය

11 සහ 13 ශ්‍රේණිවලින් පාසල් පටන්ගන්න අවධානය

11 සහ 13 ශ්‍රේණිවලින් පාසල් පටන්ගන්න අවධානය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත විවෘත කිරීමේ දී පළමුව 11 සහ 13 ශ්‍රේණිවල දරුවන්ට පංති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමට පෙර ගුරුවරුන්, දරුවන් සහ අනධ්‍යන කාර්යය මණ්ඩලවලට අවශ්‍ය කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇත.

දරුවන්ට දැනට ෆයිසර් එන්නත නිර්දේශවී තිබීම නිසා අදාළ එන්නත් ගෙන්වා ගැනීම මෙන්ම දැනට ක්‍රියාත්මක රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ගුරුවරු දෙලක්ෂ හැත්තෑ නව දහසකට සහ අනධ්‍යන කාර්යය මණ්ඩලවලට එන්නත් ලබා ගැනීමට නියමිතය.

ඇතැම් ගුරුවරුන් මේ වනවිටත් ප්‍රාදේශීය මට්ටමෙන් එන්නත්කරණ පහසුකම් ලබා තිබුණ ද සියලුම ගුරුවරුන් සහ අනධ්‍යන කාර්යය මණ්ඩලවලටත් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here