Home දේශීය පුවත් උණුසුම් පුවත් තවත් කොවිඩ් මරණ 62 ක්

තවත් කොවිඩ් මරණ 62 ක්

0
තවත් කොවිඩ් මරණ 62 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 62 ක් අද (12) අලුයම 3.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකින් තහවුරු කළේය.

එම මරණ සිදුව ඇතැයි එහි සදහහන් වන්නේ මැයි 08 වෙනිදා සිට ජුනි 10 වෙනිදා දක්වාය. ජුනි 11 වෙනිදා සිදුව ඇති මරණ කිසිවක් එහි සදහන්ව නැත.

එම නිවේදනයට අනුව මැයි 08 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සිදුව ඇතැයි මෙහි සදහන් වන්නේ මරණ 07 කි. මෙයට පෙරත් මැයි මාසයේ මරණ විටෙන් විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. ඊයේ (11) නිකුත් කළ නිවේදනයේද මැයි මාසයේ සිදුවූ කොවිඩ් මරණ 11 ක් ගැන සදහන් විය.

අද අලුයම නිකුත් කළ නිවේදනයට අනුව ජුනි 01 වෙනිදා සිට ජුනි 10 දක්වා තහවුරුකළ මරණ 55 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් තහවුරුකර ඇතැයි සදහන්ය. පෙරේදා (11) තහවුරුකළ කොවිඩ් මරණ 101 අතරද ජුනි 01 සිට ජුනි 09 වෙනිදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 88 ක් වාර්තාකර තිබුණි.

අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ වන විට තහවුරුකළ කොවිඩ් මරණ ගණනය. ඒ අනුව ඊයේ සවස්වන විට රටේ සිදුවූ තහවුරුකළ කොවිඩ් මරණ ගණන සදහන් වන්නේ 2073 කි.

අද අළුයම නිකුත් කළ එම නිවේදනයට අනුව මිය ගිය අය අතර කාන්තාවන් 27 දෙනෙක්ද පුරුෂයන් 35 දෙනෙක්ද සිටිති. ඒ අයගෙන් 27 දෙනෙක්ම වයස අවුරුදු 70 ත් 79 ත් අතර පසුවන්නන්ය. ඊට පසුව වැඩියෙන්ම මියගොස් ඇත්තේ වයස අවුරුදු 80 ත් 89 ත් අතර පසුවන්නන්ය. අවුරුදු 90 ත් 99 ත් අතර පසුවන්නන් 02 දෙනෙක්ද මිය ගිය අය අතර සිටිති.

මේ අයගෙන් 13 දෙනෙක්ම මියගොස් ඇත්තේ නිවසේදීය. රෝහල්ගතකරන අවස්ථාවේදී 05 දෙනෙක් මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here