Home දේශීය පුවත් උණුසුම් පුවත් ප්‍රථම වතාවට රහස් පොලීසියට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක්

ප්‍රථම වතාවට රහස් පොලීසියට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක්

0
ප්‍රථම වතාවට රහස් පොලීසියට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථම වතාවට කාන්තාවක්‌ එනම් ජ්‍යෞෂ්ඨ පොලිස්‌ අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර ඇත. ඒම පත්වීම සිදු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය පරිදි ය.

ඇය 2007.11.03 වන දින ආධුනික සභකාර පොලිස්‌ අධිකාරීවරියක්‌ ලෙස පොලිස්‌ සේවයට බැඳී ඇති අතර වසර 14 ක සේවා කාලයක්‌ ඇති නිලධාරිනියකී.

ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක්‌, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත්‌ ලබා ගෙන ඇත.

එමෙන්ම ඇමරිකා එක්සත්‌ ජනපදයේ හවායි පොලිස්‌ අභ්‍යාස ආයතනයේදී අර්බුද කළමණාකරණ පාඨමාලාවත්‌, තායිලන්තයේ බැංකොක්‌ නුවරදී ආයතනය මඟින්‌ පචත්චන ලද මුදල්‌ විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත්‌, මැලේසියාවේ රාජකීය පොලිස්‌ ඇකඩමියේදී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත්‌, ඉන්දියාවේ හයිද්‍රාබාද්‌ පොලිස්‌ ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාවද හදාරා ඇත.

එමෙන්ම ඇය නුගේගොඩ කොට්ඨාසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස්‌ නිෂ්කාශන වාර්ථා ඒකකයේ රාජකාරී සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here