Home දේශීය පුවත් GOSSIP ලොක්ඩවුන් අස්සේ තවත් සුපිරි සාදයක්

ලොක්ඩවුන් අස්සේ තවත් සුපිරි සාදයක්

0
ලොක්ඩවුන් අස්සේ තවත් සුපිරි සාදයක්

කොළඹ කොල්ලුපිටියේ පිහිටි ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ පිහිටි පිහිණුම් තටාකය අසල පැවැති සුපිරි සාදයක් වැටලීමට කොල්ලුපිටිය පොලීසිය ඊයේ (09) රාත්‍රිෙය් සමත්ව ඇත.

පිරිමින් 06 දෙනෙක් හා කාන්තාවන් 03 දෙනෙක් සැකපිට එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

එම පිරිිමින්ගෙන් දෙදෙනෙක් හා කාන්තාවන්ගෙන් එක් අයෙක් විදේශිකයන්ය. ඒ අය මහා බ්‍රිතාන්‍ය වැසියන් බව හදුනාගෙන තිබේ.

මෙරට නේවාසිකව රැදී සිටිමින් ව්‍යාපාරික කටයුතුවල නිිරතව සිටින ඔවුන් සිය හවුල්කරුවන් කිහිප දෙනෙක්ද සමග මෙම සාදය පවත්වා ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම හවුල්කරුවන් අතර මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ද සිට ඇත.

මෙම නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිටින පුද්ගලයෙක් විසින් මෙම සාදය ගැන පොලීසියට කල දැනුම් දීමකට අනුව වැටලීමකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අජිත් රෛා්හන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here