Home උණුසුම් පුවත් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් භාරගැනීම කල් යයි

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් භාරගැනීම කල් යයි

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ  අයදුම්පත් භාරගැනීම කල් යයි

අංජනා මල්ලවආරච්චි

ලබන වසරේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර භාරගැනිම ජූනි මස 18 වනදා දක්වා කල් දමා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2020 -2021 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍ර ජූනි මස 18 වැනි දින දක්වා භාරගන්නා බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

2020 -2021 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය ජූනි මස 11 වෙනි දින ලෙස මීට පෙර නිවේදනය කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here