Home උණුසුම් පුවත් බිරිඳගේ කට වහන්න සැමියා වෙඩි තියලා

බිරිඳගේ කට වහන්න සැමියා වෙඩි තියලා

0
බිරිඳගේ කට වහන්න සැමියා වෙඩි තියලා

පවුල් ආරවුලක් මුල්කරගෙන සිය බිරිඳ ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කල ව්‍යාපාරිකයකු දුම්මලසූරිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

තැබූ වෙඩිල්ල බිරිඳට වැදී නැති බව පොලීසිය කියයි.

දුම්මලසූරිය උඩුබද්දාව ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (11) අලුයම් කාලයේදී බව පොලීසිය කියයි.

බිරිඳට වෙඩි තැබූ ගිනි අවිය පොලීසිය සිය භාරයට ගෙන ඇත. එම අවිය බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ එකක් බව පොලීසිය කියයි. එම අවියට යොදන පතොරම් 07ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපොල හිමිකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here