Home දේශීය පුවත් උණුසුම් පුවත් රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර යැයි බොරු නිවේදන කළ යසිරු කුරුවිටගේ CID අත්අඩංගුවට

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර යැයි බොරු නිවේදන කළ යසිරු කුරුවිටගේ CID අත්අඩංගුවට

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර යැයි බොරු නිවේදන කළ යසිරු කුරුවිටගේ CID අත්අඩංගුවට

තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති කාර්‍යාල නිල වෙබ් අඩවිය ඇතුළු රජයේ අමාත්‍යාංශ, ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අසත්‍ය නිවේදනය පලකිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය යනුවෙන් නම් කරන ලද සංගමයක සභාපති වරයා ලෙස ඔහු විසින් මෙවැනි නිවේදන පල කර තිබුණි.

මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත්තේ එවැනි සයිබර් ප්‍රහාරයක් සිදුවී නොමැති බවයි.

මෙලෙස අසත්‍ය නිවේදන පළ කිරීම නිසා එම නිල වෙබ් අඩවි මගින් තොරතුරු ලබා ගත් පුද්ගලයන් තවදුරටත් තොරතුරු ලබා ගැනීමෙන් වැළකීමේ සිද්ධීන් වාර්තා වූ බවද පොලීසිය පැවසී ය.

රහස් පොලිස් අත් අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිටගේ අධිකරණයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here