Home දේශීය පුවත් පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි

පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි

0
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි

සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ කට තියුණු ආයුධයකින් කපා තුවාල කර ඇත.

සැමියා විසින් සගවාගෙන ආ පේපර් කටරයකින් සිදු කල එම පහරදීමෙන් කැපුම් තුවාල ලැබූ 21 හැවිරිදි බිරිඳ මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමට පොලීසිය පියවර ගෙන 39 හැවිරිදි සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාවනැල්ලේ පදිංචි එක් දරු මවකි. මෙම තරුණ බිරිදව සැමියා විසින් විසින් බාහිර පාර්ශවයන්ට කාලයක සිට මුදලට අලෙවිකර ඇති බවද මෙහිදී පොලීසියට අනාවරණය වී තිබේ. ඔහු මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නෙක් බව පොලීසිය කියයි. මහනුවර ප්‍රදේශයට රැගෙන ගොස් ඔහු විසින් ඇයව අලෙවිකර ඇති බවද කියැවේ.

බිරිඳ විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකර තිබී ඇති අතර එම පැමිණිල්ලද පොලීසිය විභාගකර තිබියදී නැවතත් සැමියා විසින් පොලීසියට පැමිණීල්ලක්කර ඇත්තේ පසුලිය 24 වෙනිදා දෙදෙනා අතර වූ ආරවුලක් මුල්කරගෙනය. එහිදී බිරිඳ විසින් සැමියාගේ ජංගම දුරකථනය සොරාගෙන ඇති බවට පැමිණිල්ල පොලීසියට ලැබී තිබී ඇත. බිරිඳගේ නිරුවත් ඡායාරූප සැමියා විසින් එම ජංගම දුරකථනයේ තබාගෙන බිරිඳව බිය ගන්වමින් විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බව කියයි.

දෙදෙනාම පොලිසිය වෙත පසුගිය 26 වෙනිදා කැදවා ගෙන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීමටය. එම අවස්ථාවේ කඩදාසි කපන කටර් තලයක් හොර රහසේ සගවා පොලිසියට පැමිණි සැමියා විසින් බිරිඳගේ මුඛ ප්‍රදේශයේ සහ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here