Home උණුසුම් පුවත් පාසල් පද්ධතියම කඩාවැටී තිබියදී ජාතික පාසල් ව්‍යාපෘතිය සංදර්ශනයක් – ගුරු සංගම්

පාසල් පද්ධතියම කඩාවැටී තිබියදී ජාතික පාසල් ව්‍යාපෘතිය සංදර්ශනයක් – ගුරු සංගම්

පාසල් පද්ධතියම කඩාවැටී තිබියදී ජාතික පාසල් ව්‍යාපෘතිය සංදර්ශනයක් – ගුරු සංගම්

අංජනා මල්ලවාරච්චි

පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ජාතික පාසල් දහසක් අළුතින් ස්ථාපිත කිරීමේ සන්දර්ශනයක් අරඹා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ජාතික පාසල් ව්‍යාපෘතියට පාසල් තෝරා ගෙන ඇති බව ද එය අසාර්ථක ව්‍යාපෘතියකැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කීය.

ජාතික පාසල් බවට පත් කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ දේශපාලනඥයන් ගේ ඕනෑ එපාකම් මත බව ද පළාත් සභා මගින් දියුණු කරන ලද නගරයේ ඇති පාසල් පමණක් ඒ සඳහා තෝරා ගැනීම ගැටළු සහගත බව ද ඔහු කීය.

ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබ්බේ නම් ග්‍රාමීය පාසල් තෝරා ගෙන ඒවායේ පහසුකම් ඉහළ නංවමින් ජාතික පාසල් බවට පත්කිරීම කළ හැකි බව ජෝසප් ස්ටාලින් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here