Home උණුසුම් පුවත් මාතලේ රෝහලේ දින 10ක් ලෙඩ්ඩු බැලූ හොර දොස්තර මාට්ටු

මාතලේ රෝහලේ දින 10ක් ලෙඩ්ඩු බැලූ හොර දොස්තර මාට්ටු

0
මාතලේ රෝහලේ දින 10ක් ලෙඩ්ඩු බැලූ හොර දොස්තර  මාට්ටු

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිට දින 10ක් තිස්සේ මාතලේ රෝහල තුළ රැදී සිටිමින් රෝගීන් පරීක්ෂා කළ තරුණයකු මාතලේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා රත්නපුර රක්වානේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙම තරුණයා වෛද්‍යවරු පලදින නිල් පැහැති ජැකට්ටුවකින් සැරසී වෙද නලාවද පැලද බාහිර ප්‍රතිකාර ඒ්කකයේ දින 10ක් තිස්සේ රැදී සිටිමින් රෝගීන් පරීක්ෂාකර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

දිනකට පැය 12ක පමණ කාලයක් ඔහු රෝහලේ ගතකර ඇති බවත් සෙසු වෛද්‍යවරු සිතා ඇත්තේ මෙම තරුණයා අලුතින් රෝහලට පත්ව ආ වෛද්‍යවරයෙක් බවය. පසුව මේ ගැන සොයා බැලීමේදී අලුත් වෛද්‍යවරයෙක් පැමිණ නැති බව පෙනී ගිය බැවින් ඒ් බව මාතලේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂාන් බස්නායක මහතා පොලීසියට පැමිණිලිකර ඇත.

ඒ අනුව පොලීස් කණ්ඩායමක් රෝහලට ගොස් මෙම සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ හෙද රැකියාවක් සඳහා විදේශගතවන්නට සූදානමින් සිටින බැවින් අත්දැකීම් ලැබීමට මෙසේ රෝහලට වෛද්‍යවරයෙක් ලෙස පැමිණි බවය.

මෙම පුද්ගලයාගේ ඥාතියෙක් මාතලේ පදිංචිව සිටින බවත් එහි පැමිණිමෙන් අනතුරුව ඔහු මෙසේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රෝහල තුළ රැදී සිට ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here