Home දේශීය පුවත් දෙවන පරපුරේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට

දෙවන පරපුරේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට

0

නීති විරෝධි ලෙස මැතිවරණයට අදාල පෝස්ටර් අලවමින් සිටි දෙවන පරපුර පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයකු සහ ඔහුගේ ආධාරකරුවකු බිංගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අපේක්ෂකයා ඇතුළු දෙදෙනා විදුලි කණුවක පෝස්ටර් අලවමින් සිටියදී හසු වූ බව බිංගිරිය පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන් සතුව තිබී මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 584ක් තිබී ඇත.

අපේක්ෂකයා අවුරුදු 49ක් වයසැති හල්මිල්ලවැව පදිංචිකරුවෙක් බවත් ඔහුගේ ආධාරකරු කඩිගමුවේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here