Home COVID විදුහල්පති සහ ගුරුවරුන්ට කඩිනමින් එන්නත් දෙන්න

විදුහල්පති සහ ගුරුවරුන්ට කඩිනමින් එන්නත් දෙන්න

විදුහල්පති සහ ගුරුවරුන්ට කඩිනමින් එන්නත් දෙන්න

අංජනා මල්ලවආරච්චි

රටපුරා විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව විදුහල්පති ශ්‍රේණි දායකයින්ගේ සංගමය සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසීය.

ඉදිරියේදී පාසල ආරම්භ වූ පසුව විශාල ශිෂ්‍ය සමූහයක් සමග ගැටීමට ගුරුවරුන්ට සිදු වන නිසා ඔවුන්ට ද එන්නත් ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව මුදුන්කොටුව මහතා කීය.

පාසල් වසා තැබුවද විදුහල්පතිවරුන් බහුතරයට විවිධ රාජකාරි සදහා පාසල් යාමට සිදුවන බව මීට අමතරව ගුරුවරුන්ගේ කාලසටහන් සැකසීම සහ ඔන්ලයින් ඉගැන්වීම සඳහා ඔවුන්ට අන්තර්ජාලයෙන් වැඩ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ද එම නිසා ඔවුන්ට කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here