Home උණුසුම් පුවත් සෞඛ්‍ය කනිටු සේවකයෝ බදාදා වර්ජනයක

සෞඛ්‍ය කනිටු සේවකයෝ බදාදා වර්ජනයක

සෞඛ්‍ය කනිටු සේවකයෝ බදාදා වර්ජනයක

අංජනා මල්ලවආරච්චි

සෞඛ්‍ය සේවයේ නියුතු අනියම් හා ආදේශක සේවකයින් ස්ථිර කිරීම සෞඛ්‍ය සේවකයින් කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ රෝහල්වල සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ ලබන බදාදා (9) සංකේත වර්ජනයක නිරත වෙති.

දෙවසරකට වැඩි කාලයක් සේවය කරන සෞඛ්‍ය අනියම් හා ආදේශක සේවකයින් ස්ථිර කිරීම, සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදීම, ප්‍රවාහන එන්නත් කරන හා ආරක්ෂිත උපකරණ ලබාදීම ඇතුළු ගැටළුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම වර්ජනය දියත් කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.

ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයෝ බදාදා පෙරවරු 8 සිට 12 දක්වා එම වර්ජනයේ නිරත වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here