Home දේශීය පුවත් උණුසුම් පුවත් රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානම්

රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානම්

රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානම්

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනි බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

වත්මන් දේශපාලන වාතාවරණය සහ ඉදිරි සැලසුම් පිළිබඳව වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමද අත්හරින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහුට සහය පළ කළ පක්ෂ කිහිපයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ගෑස් සිලින්ඩර් ලකුණින් තරඟ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here