Home උණුසුම් පුවත් බිරිඳව දූෂණය කළ සැමියාට වූ දේ..

බිරිඳව දූෂණය කළ සැමියාට වූ දේ..

0
බිරිඳව දූෂණය කළ සැමියාට වූ දේ..

සිය බිරිඳ නින්දට ගිය විට ඇගේ සිරුරට මත්ද්‍රව්‍ය එන්නත් කර ඇය මත්වූ පසු ඇයව බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන සැමියකු පුත්තලම කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මදුරන්කුලියේ පදිංචි 30 හැවිරිදි බිරිඳක් විසින් කළ පැමිණීල්ලකට අනුව සැමියාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (12) ය.

නිසි රැකියාවක් නොමැති 38 හැවිරිදි සැමියා මාස තුනක කාලයක් තිස්සේ ඇයට මෙසේ මත්ද්‍රව්‍ය එන්නත්කර බලහත්කාරයෙන් දූෂණය කරන බව ඇය විසින් පොලීසියට සඳහන් කර ඇත.

සැමියා විකෘති ආශාවන්ගෙන් පෙළනෙ අයෙක් බැවින් බිරිඳගෙන් එම ආශාවන් ඉටු නොවන නිසා එසේ සැමියා ක්‍රියාකර ඇති බව පෙනී ගොස් තිබේ. සැමියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here