Home උණුසුම් පුවත් පාසලට කඩා වැදී සිසුවෙකුට පහරදුන් පියෙක් අත්අඩංගුවට

පාසලට කඩා වැදී සිසුවෙකුට පහරදුන් පියෙක් අත්අඩංගුවට

0
පාසලට කඩා වැදී සිසුවෙකුට පහරදුන් පියෙක් අත්අඩංගුවට

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත් වෙමින් වාද්දූව පොතුපිටිය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සිසුවෙකුගේ පියෙකු වාද්දූව පොලීසිය ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දූව පොතුපිටිව කටුවන්ගොඩ පදිංචි 43 හැවිරිදි පියෙකි.

පොතුපිටිය මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිදුන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි පොලීසිය කියයි. විදුහල්පති ඇතුළු ගුරුවරු විසින් මැදිහත්ව එම ගැටුම පාසල තුලදීම සමථයකට පත්කර තිබී ඇති බවද පොලීසිය කියයි.

එසේ තිබියදී ගැටුමට සම්බන්ධ සිසුවෙකුගේ පියෙක් පාසලට තුළට පැමිණ සිසුවෙකුට පහරදී ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණීල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here