Home දේශීය පුවත් නෞකා ගින්න ගැන සොයන්න ජනපති කොමිසමක් ඉල්ලයි

නෞකා ගින්න ගැන සොයන්න ජනපති කොමිසමක් ඉල්ලයි

0
නෞකා ගින්න ගැන සොයන්න ජනපති කොමිසමක් ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සියළු කරුණු සොයා බැලීමට කඩිනමින් පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නෞකාව මෙරටට පැමිණීම, එය ගිනිබත්වීම, ඊට වගකිව යුත්තන් අනාවරණය කර ගැනීම, ඒ අයට දඩුවම් දීම, නෞකා ගින්නෙන් පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා පුළුල් සොයා බැලීමක් සදහා මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට කර ඇතිබව සදහන්ය.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන් පිරිසක් පත්කර මාස 03ක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here