Home දේශීය පුවත් උසාවිය ඇතුලේ දී පොලීසිය පොලීසියෙන් අල්ලස ් අරන් මාට්ටු

උසාවිය ඇතුලේ දී පොලීසිය පොලීසියෙන් අල්ලස ් අරන් මාට්ටු

0

පොලිස් තෑගි වවුචරය සහතික කරදීමට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරියෙකුගෙන් අලුත් කඩේ රථවාහන අධිකරණය තුළදී මත්පැන් බෝතලයක් ලබාගන්නා අවස්ථාවේදීම පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව උසාවියේ ත්‍යාග වවුචර්පත් භාරව සිටින මෙම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) පස්වරුවේදී බව අල්ලස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා බස්නාහිර පළාත දකුණ දිසාව රථවාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරිකරමින් සිටි කාලයේදී බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත. එම රියදුරා වරදකරුවීමෙන් පසු ලබාදනු ලබන මුදල් ත්‍යාග වවුචර්පත් උසාවිභාර මෙම නිලධාරියා විසින් සහතික කර දීමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාගෙන් මත්පැන් බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. රුපියල් 3640ක් වටිනාකමක් ඇති එම මත්පැන් බෝතලය ඊයේ (26) සැරයන්වරයා උසාවිය ඇතුලතදීම ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here