Home special මාස 5ක් හිරබත් කෑ නවදිල්ලි මහඇමති ඉල්ලා අස්වෙයි

මාස 5ක් හිරබත් කෑ නවදිල්ලි මහඇමති ඉල්ලා අස්වෙයි

0
මාස 5ක් හිරබත් කෑ නවදිල්ලි මහඇමති ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ නවදිල්ලි මහඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අරවින්ද් කෙජ්රිවාල් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙජිරිවාල් මෙලෙස නව දිල්ලා ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මාස පහකට අධික කාලයක් දූෂණ චෝදනාවක බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් අනතුරුවයි.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට මේවන විට අවලංගු කර ඇති නව දිල්ලිය තුල මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ගෙන එන ලද ප්‍රතිපත්තිමය තීරණයක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබිණි. මෙම නව ප්‍රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් දියත් කළ විමර්ශණයක් හේතුවෙන් කෙජ්රිවාල් අත්අඩංගුවට ගනු ලැබීය.

තම ඉල්ලා අස්විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව තම ආම් ආද්මි පක්ෂය නැවත තෝරා පත්කර ගන්නේ නම් පමණක් තමා එම තනතුර භාර ගන්නා බවයි.

ඒ අනුව හිස් වූ ප්‍රධාන අමාත්‍යධූරයට කෙජ්රිවාල්ගේ සගයා සහ ජ්‍යෙෂ්ඨ දිල්ලි ඇමතිනි අතිෂි ඔහු වෙනුවට ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ලෙස පත් කරනු ඇති බව පක්ෂය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here