Home දේශීය පුවත් උණුසුම් පුවත් විදෙස් මැතිවරණ නිරීක්ෂණකයන් විශාල පිරිසක් ඇවිත් -වැඩත් පටන් අරන්

විදෙස් මැතිවරණ නිරීක්ෂණකයන් විශාල පිරිසක් ඇවිත් -වැඩත් පටන් අරන්

විදෙස් මැතිවරණ නිරීක්ෂණකයන් විශාල පිරිසක් ඇවිත් -වැඩත් පටන් අරන්

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 71 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 43 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටී.

ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 6 ක්.

ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් ඇත.

දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here