Home උණුසුම් පුවත් ලබන 20 දා වාහන ආදායම් බලපත් කවුළු වැසෙයි

ලබන 20 දා වාහන ආදායම් බලපත් කවුළු වැසෙයි

ලබන 20 දා වාහන ආදායම් බලපත් කවුළු වැසෙයි

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුළු ලබන 20 වන සිකුරාදා දිනයේ වසා තැබේ.

පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසන්නේ ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදාහැරීමට සිදුවන බැවින් එම පියවර ගෙන ඇති බව ය.

යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුළු වසා තැබෙන 20 වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුළු විවෘත කරන පළමු දිනයේදීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here