Home දේශීය පුවත් GOSSIP මාධවී ඇතුළු චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 05 ක් නිරෝධායනය සදහා පස්සරට

මාධවී ඇතුළු චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 05 ක් නිරෝධායනය සදහා පස්සරට

මාධවී ඇතුළු චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 05 ක් නිරෝධායනය සදහා පස්සරට

ෂැංග්‍රිලා හෝටලයේ පැවති ආන්දෝලනයට තුඩුදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගිවීම සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගත් මාධවී ඇන්තනී ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් කොළඹ අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

අනතුරුව ඇප මත නිදහස් කෙරුණු සැකකරුවන් 03 දෙනාත් සැකකාරියන් 03 දෙනාත් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දී මෙන් අනතුරුව ඒ අයගෙන් 05 දෙනෙක් පස්සර පිහිිටි රජයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

ඇපමත නිදහස් කළ 06 දෙනා අතර චන්දිමාල් ජයසිංහගේ මවද සිටි බවත් ඇය නිවසේ නිරෝධායනයට යොමු කෙරුණු බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here