Home දේශීය පුවත් උණුසුම් පුවත් විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී

විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී

විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී

2024 ජනාධිපතිවරණය සඳහා වන මහජන විවාදය ඊයේ (7) ආරම්භ වූ නමුත් සහභාගි වන බවට දන්වා තිබූ අපේක්ෂකයින් හතර දෙනාගෙන් එක් අයෙකු පමණක් සහභාගී වී සිටීම නිසා විවිදායක් පැවැත්වීමට තිබූ අවස්ථාව මඟහැරී ගොස් තිබේ.

බහු අපේක්ෂක සාකච්ඡාවක් වීමට නියමිතව තිබුණ ද මේ සඳහා සහභාගි වූ එකම පුද්ගලයා වූයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා ය.

මෙම විවාදය මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.

සියලුම රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය 200ක් පමණ එය සජීවී විකාශයට කටයුතු කළේය.

විවාදය සඳහා සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, සහ දෙමළ ජාතික මහා සන්ධාන අපේක්ෂක පී.අරියනේද්‍රන් පැමිනෙණ බවට සහතික කර තිබුණ ද ඔවුන් සහභාගි වී නොතිබිණ.

කෙසේ වෙතත් අනෙකුත් ජනාධිපති ධුර අපේක්ෂකයින් පැමිණෙන තෙක් ප්‍රමාද කළ විවාදය, අනතුරුව දිලිත් ජයවීරගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට මිනිත්තු 40කට පසු ආරම්භ විය.

“මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්න” එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර පැවසීය.

රනිල් වික්‍රමමසිංහ මහතා විවාදයට සහභාගි නොවන බවට ලිඛිතව දන්වා තිබූ අතර අනුර කුමාර දිසානායක මහතා කාර්යබහුල බවට දන්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here