Home උණුසුම් පුවත් ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද..

ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද..

ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද..

ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙය ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබයි.

මේ පිළිබඳ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි.

ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගිත්වය ස්ථිර කර ඇත.

“අපි තාමත් බලාරොත්තු සහගතව ඉන්නවා ජාතික ජන බලවේගයේ නායකතුමා. ඔවුන්ට රැස්වීම් තියෙනවා, ටිකක් කාර්ය බහුල බව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒක අනිත් අපේක්ෂකයින්ටත් අදාළයි. තාමත් තහවුරු කරලා නැහැ. ටිකක් අමාරු බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි තාමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවල, නාලිකා 7ක්, දෙරණ නාලිකකාව ද ඇතුළුව සජීවවී විකාශය කරන්න එකඟ වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මීට සහභාගීවීමට අපහසු බව ලිඛිතව දන්වා තිබෙනවා. අනුර දිසානායක මහතාට තාමත් ඉඩකඩ තියෙනවා. අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා…” යැයි වැඩිදුරටත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here