Home දේශීය පුවත් උණුසුම් පුවත් රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර බැතිමතුන් නැතිව පැවැත්වේ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර බැතිමතුන් නැතිව පැවැත්වේ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර බැතිමතුන් නැතිව පැවැත්වේ

අංජනා මල්ලවආරච්චි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර 2021 වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙවර චාරිත්‍රවලට පමණක් සීමාව පැවැත්වීමට පෙරහර සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව බැතිමතුන්ගෙන් තොරව මෙම පෙරහර චාරිත්‍රානුකූලව සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව කතරගම ඇසළ මහ පෙරහැර ජූලි මස 10 වැනි දින ජූලි 23 දක්වා දිනපතා පැවැත්වෙන බව ද බස්නායක නිළමේවරයා පැවසීය.

ජූලි මස 24 වැනි දින මැණික් ගඟේ ගගේ දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පෙරහර අවසන් වේ.

ලංකාවේ පැවැත්වෙන පෙරහර අතරින් පැරණිම පෙරහැරක් වන කතරගම ඇසළ මහ පෙරහර කඳකුමරු වන් හා වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍යය සිහිවීම පිණිස දුටුගැමුණු රජු දවසේ පටන් වාර්ෂිකව සිදුකරන මංගල්‍යයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here