Home උණුසුම් පුවත් PAYE ටැක්ස් අඩුවෙයි!

PAYE ටැක්ස් අඩුවෙයි!

PAYE ටැක්ස් අඩුවෙයි!

උපයන විට ගෙවීමේ බදු ක්‍රමය (PAYE TAX) සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ ඇහැලියගොඩ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

දෙපාර්ශ්වයේම යෝජනා සලකා බලමින් පවතින අතර, එහි නිශ්චිත තොරතුරු ළඟදීම නිකුත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

“IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවාම ඒ නියම ගාණ අපි මෙතන දැනුම් දෙන්නන්.”

පුද්ගලික ආදායම් බදු ගෙවන්නන් සඳහා ඉදිරි සහන ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකකට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉඟි පළකරමින් කළ ප්‍රකාශයකින් පසුව මේ බව පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here