Home උණුසුම් පුවත් ඩී.එස්.ගේ මුණුබුරා රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ඩී.එස්.ගේ මුණුබුරා රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ඩී.එස්.ගේ මුණුබුරා රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය D.S.සේනානායක මහතාගේ මුණුපුරා වන, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රුක්මන් සේනානායක මහතා අද අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට විට ඒ මහතා 76 වැනි වියෙහි පසුවිය.

කුඩා කල සිටම ඔහුගේ දේශපාලනය කෙරෙහි දැඩි ඇල්මක් තිබූ ඔහු සිය මාමා වන හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු සිය දේශපාලන ගමන ආරම්භ කළේය.

ඔහු 1973 දී දැදිගම අපේක්ෂකත්වයට තරඟ කර ජයග්‍රහණය කළ නමුත් වසර හතරකට පසු ඉල්ලා අස්වී දශකයකට ආසන්න කාලයක් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 දක්වා නැවත පාර්ලිමේන්තුවට නොපැමිණියේය.

ඔහු 2001 දී අවසන් වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

2007 දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසත්, 2008 දී උපනායක ලෙසත් ඔහු පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here