Home උණුසුම් පුවත් කලින් වූ පොරොන්දුව ඉටුකරන බව සජිත්, කාදිනල් හිමිපාණන්ට කියයි

කලින් වූ පොරොන්දුව ඉටුකරන බව සජිත්, කාදිනල් හිමිපාණන්ට කියයි

0
කලින් වූ පොරොන්දුව ඉටුකරන බව සජිත්, කාදිනල් හිමිපාණන්ට කියයි

තමා පොරොන්දු වූ පරිදි පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය අනාවරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍ දෙනා සූදානම් බවත් මේ සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන් හමුවේ පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ පවා එය සභාගත කර ඇති සඳහන් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) කොළඹ අගරදගුරු නිවසේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ දීය.

මේ අවස්ථාව සඳහා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තැන්පත් අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අති උතුම් ජේ. ඩී ඇන්තනි හිමිපාණන් සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් හිමිපාණන් සහභාගි විය.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද? මෙහි සත්‍ය හෙළි කර ගත්තාද යන ගැටලු‍ව බවත් එම නිසා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ සිදු කර කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව සෑම විටම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත් එම සත්‍ය කෙසේ හෝ සොයා බලා එයට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here