Home දේශීය පුවත් උණුසුම් පුවත් පොහොට්ටුවේ තරුණ සමුළුවට මහින්ද යයි -බැසිල් නොයයි

පොහොට්ටුවේ තරුණ සමුළුවට මහින්ද යයි -බැසිල් නොයයි

පොහොට්ටුවේ තරුණ සමුළුවට මහින්ද යයි -බැසිල් නොයයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනය අද (27) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක පා.ම නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පොදුජන පෙරමුණේ ධම්මික පෙරේරා මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙම සම්මේලනයට එක් නොවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිද්දා තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.
මෙම තරුණ සමුළුව පැවැත්වෙන වේලාවේම ගාල්ලේ දී එක්ව ජයගමු ජන රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here