Home දේශීය පුවත් GOSSIP චන්ද්‍රිකා ඒ කාලේ නටපු නැටුම්

චන්ද්‍රිකා ඒ කාලේ නටපු නැටුම්

චන්ද්‍රිකා ඒ කාලේ නටපු නැටුම්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීට අඩසියවසකට පමණ පෙර තමා නර්තනයට සහභාගි වූ අවස්ථාවක ඡායාරූපයක් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ පලකර තිබේ.

ඇය එම සේයාරුව පිළිබද පළ කර ඇත්තේ මෙවන් සටහනකි.

“මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් පිළිබද කතාව-මේ ඡායාරූපය 1969 ප්‍රංශයේ පැවති ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සංස්කෘතික උත්සවයක මා විසින් මයුරා වන්නම ඉදිරිපත් කළ අවස්ථාවේ ගන්නා ලද්දකි. ප්‍රංශයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයක් පළමු වරට පිහිටුවා සංස්කෘතික කටයුතු ඇතුළු විවිධ වැඩසටහන් පළමු වරට සංවිධානය කරන ලද්දේ අප විසිනි.”

දේශපාලනය මෙන්ම කලාව, සෞන්දර්යය ද ඇයගේ ජීවිතය තුළ විශේෂිත ඉඩක් වෙන්කරගෙන තිබුණි. ඒ බව මැනවින් සනාථ වන්නේ අසහාය කලාකරුවකු මෙන්ම දේශපානඥයකු වූ විජය කුමාරතුංගයන් ඇයගේ සැමියා බවට පත්වීම නිසයි.

කෙසේවෙතත් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය පසුව කිසියම් උත්සව අවස්ථාවකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සුන්දර නර්තනයක යෙදී සිටින වීඩියෝවක් හා සේයාරු සමාජ ජාල තුළ බෙහෙවින් සංසරණය විය. එහි එක් ඡායාරූපයක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here