Home උණුසුම් පුවත් චන්දිමාල්ගේ පාටියට ‌ගොස් අත්අඩංගුවට ගත් තවත් 13කට ඇප

චන්දිමාල්ගේ පාටියට ‌ගොස් අත්අඩංගුවට ගත් තවත් 13කට ඇප

චන්දිමාල්ගේ පාටියට ‌ගොස් අත්අඩංගුවට ගත් තවත් 13කට ඇප

රටටම පනවා තිබෙන සංචරණ සීමා හෝ නිර‌ෝධායන නීති නොතකා කොළඹ තරු පහේ හෝටලයකදී චන්දිමාල් ජයසිංහ විසින් පවත්වන ලද උපන්දින සාදයට සහභාගී වූ තවත් පුද්ගලයින් 13 දෙනෙකුට අද (ජ 02) ඇප ලබා දී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිමින් පිරිමි 11 ක් හා කාන්තාවන් 02 ක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කර තිබුණි.

මැයි 30 වන දින රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සංවිධානය කළ උපන්දින සාදයක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

මැයි 31 වන දින කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හන්සමාලි යන අය කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලදී.

පසුව එම සාදයට සහභාගී වූ පුද්ගලයින් හය දෙනෙකු කොටුව පොලිසිය විසින් ඊයේ (ජූනි 01) අත්අඩංගුවට ගනු ලැබීය. ඊට අමතරව තවත් පුද්ගලයින් හත් දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here