Home දේශීය පුවත් GOSSIP චන්දිමාල් ඇප අරන් යද්දී මාර්ග නීති කඩලා – රියදුරු අත්අඩංගුවට

චන්දිමාල් ඇප අරන් යද්දී මාර්ග නීති කඩලා – රියදුරු අත්අඩංගුවට

චන්දිමාල් ඇප අරන් යද්දී මාර්ග නීති කඩලා – රියදුරු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාද පවත්වා පසුගිය දා අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇප ලබා යද්දී ඔහු ගමන් ගත් කැබ් රථය මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එය පැදවූ රියදුරු අද (02) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රු 12,500ක දඩ මුදලක් නියම කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම හේතුවෙන් මෙලෙස රියදුරු අත්අඩංගුවට ගත් බවය.

පසුගිය දා කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයකට අදාළව චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන අය කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණය මඟින් ඔවුන්ට ඇප ලබාදීමෙන් පසුව චන්දිමාල් ජයසිංහ මහතා තම රථයෙන් ගමන් කිරීමේ දී මාර්ග නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී තිබේ.

අද දිනයේ දී අදාළ රියදුරු හා රථය පොලිස් භාරයට ගෙන තිබුණේ ඒ අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here