Home උණුසුම් පුවත් චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුකම් වැඩිකරයි

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුකම් වැඩිකරයි

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුකම් වැඩිකරයි

 
චීනයට පැමිණෙන විදේශිකයන් සඳහා වඩාත් පුළුල් පහසුකම් සපයන බව චීනය පවසයි. එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේය.
 
චීනය ඇතැම් රටවල් කෙරෙහි ක්‍රියාවට නංවා ඇති නිදහස් වීසා ප්‍රතිපත්ති සහ පුළුල් පහසුකම් හේතුවෙන් එරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.
 
මේ වසරේ මුල් භාගයේ චීනයට පැමිණි විදෙස් සංචාරකයන් ගණන 2023 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂ ව 152.7% ක වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අතරින් නිදහස් වීසා යටතේ පැමිණි පිරිස පසුගිය වසර හා සැසඳීමේ 190 % කින් වැඩි වී තිබේ. චීනයේ දී ලද සුන්දර අත්දැකීම් එම සංචාරකයන් ගෝලීය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගැනීම නිසා ‘China Travel’  යන්න ජනප්‍රිය සෙවුම් පදයක් බවට පත් ව ඇතැයි ද ලින් චියෙන් මහතා පැවසීය.
 
වසරේ දෙවැනි භාගයේ දී සංචාරක පැමිණීම තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here