Home උණුසුම් පුවත් ලීට්‍රෝ බැස්සට ලාෆ්ස් එහෙම නෑ

ලීට්‍රෝ බැස්සට ලාෆ්ස් එහෙම නෑ

ලීට්‍රෝ බැස්සට ලාෆ්ස් එහෙම නෑ

ලීට්‍රෝ ගෑස් සමාගම විසින් නිකුත් කරන ගෘහස්ත ගෑස් මිල අද (02) පහත දැමුවද ලාෆ්ස් ගෑස් මිල නොවෙනස්ව පවතින බව Laughs ගෑස් සමාගම නිවේදනය කරයි.

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here