Home උණුසුම් පුවත් පියුමි හංසමාලි ගැන තවත් විමර්ශනයක්

පියුමි හංසමාලි ගැන තවත් විමර්ශනයක්

පියුමි හංසමාලි ගැන තවත් විමර්ශනයක්

කෙටි කාලයක් තුළ තමා ධනවත් වූයේ සම පැහැපත් වන ක්‍රීම් වර්ගයක් අලෙවි කරමින් බව කියන නිරූපිකා පියුමි හංසමාලි විසින් එම ඉපැයීම්වලට අදාලව නිසිලෙස බදු ගෙවා තිබේද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන අංශය සූදානම් වෙයි.

නිරූපන ශිල්පී පියුමි හංසමාලි හිටිහැටියේ කෝටිපතිනියක් වූ අයුරු ගැන විමර්ශන පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් ඇයට අයත් බව කියන ව්‍යාපාරයකින් බෙදාහරින රූපලාවන්‍ය ආලේපන වර්ගයේ අලෙවිය පිළිබද තොරතුරු මේ වනවිට රැස්කරමින් සිටී.

ප්‍රකාශයක් ලබාදීම සඳහා රහස් පොලීසියට පැමිණි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තමාගේ ක්‍රීම් පැක් එකක් රුපියල් 35000ක් පමණ වන බවත් එවැනි ක්‍රීම් පැක් 25000ක් විකිණී ඇති බවත් ය.

ඇය පවසන ආකාරයට ක්‍රීම් වර්ගයක් විකුණා මෙතරම් ඉක්මණින් ධනවත් වීමට සැබෑ ලෙසම හැකියාවත් තිබේදැයි විමර්ශකයන්ට යම් සැකයක් මතුවී ඇත.

ප්‍රකාශයක් ලබාදීමට ගියද තමාගෙන් එදින ප්‍රශ්න කිරීම් නොකළ බවත් ඒ සඳහා යළි කැඳවන බවට පැවසූ බවත් පියුමි හංසමාලි පවසා තිබුණි.

ඉදිරි දිනකදී ඇගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී සහ ඇය විසින් එම ක්‍රීම් වර්ගය බෙදාහැරි කූරියර් ආයතනයෙන් ලබාගන්නා තොරතුරු අනුව ඇය සැබෑ ලෙසම ක්‍රීම් වර්ගයක් අලෙවිකර ධනවතියක් වී දැයි සොයා බලන බවය.

එසේම ඇය ක්‍රීම් විකුණා ධනවතෙක් වී නම් එම ව්‍යාපාරයට අදාලව නිසි ලෙස බදු ගෙවා තිබේදැයි කියාද පරීක්ෂණ පවත්වන බවද එම නිලධාරියා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here