Home උණුසුම් පුවත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් පොලීසියට පැමිණිල්ලක්

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් පොලීසියට පැමිණිල්ලක්

0
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් පොලීසියට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රීකට් හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායන මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ පිහිටි නිවසට හොරු පැන ලක්ෂ 50කට අධික දේපොල සොරාගෙන ගොස් ඇත.

තලංගම පොලීසියට මේ සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායක මහතා ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන්කර ඇත්තේ පසුගිය 21 වෙනිදා පෙරවරු 10.30ත් 22 වෙනිදා රාත්‍රී 10.30ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

නිවසේ පහළ මහලේ ජනේලයක් බිඳ නිවසට ඇතුළු වී ඇති සොරා නිඳන කාමරයේ අල්මාරියේ තිබූ රුපියල් 10,000ක් අත්ඔරලෝසු 02ක්, රන් අත්පළදනාවක්, රන් මුදු 02ක්, රන් කරාඹු ජෝඩුවක් ලැප්ටොප් එකක් හා ටැබ් යන්ත්‍රයකත් සොරාගෙන ගොස් ඇති බව ඔහු පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here