Home උණුසුම් පුවත් සංවර්ධන උපායමාර්ග නැංවීමට චීනයෙන් මැලේසියාවට ඇරයුම්

සංවර්ධන උපායමාර්ග නැංවීමට චීනයෙන් මැලේසියාවට ඇරයුම්

සංවර්ධන උපායමාර්ග නැංවීමට චීනයෙන් මැලේසියාවට ඇරයුම්

චීනය සහ මැලේසියාව අතර සංවර්ධන උපායමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. මැලේසියානු නාය‍ක Sultan Ibrahim Iskandar රජු ඊයේ (19) හමු වූ අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

චීනය සහ මැලේසියාව සතු අන්‍යෝන්‍ය අවස්ථා ඵලදායී ලෙස භාවිත කළ යුතු බවත්, ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන තවදුරටත් පුළුල් කරමින් නැගී එන සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බවත් ලී ච්‍යං මහතා එහිදී කියාසිටියේය. අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් කර, ඉහළ මට්ටමේ මානව හුවමාරු පුළුල් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Sultan Ibrahim Iskandar රජු එහිදී කියා සිටියේ, මැලේසියාව චීනය සමග පවතින සබඳතාවන්ට නිසි ප්‍රමුඛතාව ලබා දෙන බවයි. චීනය සමග ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්‍රවල සහයෝගිතා කර කිරීම මැලේසියාවේ අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here