Home උණුසුම් පුවත් ඩොලරය ආයෙත් රුපියල් 300 පනී

ඩොලරය ආයෙත් රුපියල් 300 පනී

ඩොලරය ආයෙත් රුපියල් 300 පනී

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද යළිත් රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ මේ වසරේ මාර්තු මාසයේ සිට එම සීමාවට වඩා පහළින් අඛණ්ඩව පැවතීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද රුපියල් 300.20ක් වී ඇත.

එය ඊයේ පැවතියේ රුපියල් 299.31 ක් ලෙසයි.

මේ අතර විකුණුම් අනුපාතිකය ද රු. 308.65 සිට රු. 309.63 ක් දක්වා ඉහළ ගොස් ඇත.

‍ගෙවුණු මාස 3 තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් හා විකුණුම් අනුපාත පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here