Home උණුසුම් පුවත් යුරෝපා සංගමය සමඟ මානව හිමිකම් සහයෝගිතාවට චීනයේ එකඟතාව

යුරෝපා සංගමය සමඟ මානව හිමිකම් සහයෝගිතාවට චීනයේ එකඟතාව

යුරෝපා සංගමය සමඟ මානව හිමිකම් සහයෝගිතාවට චීනයේ එකඟතාව

යුරෝපා සංගමය සමග එක්ව ජගත් මානව හිමිකම් සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය ව කටයුතු කරන බව චීනය පවසයි.

චීන – යුරෝපා මානව හිමිකම් පිළිබඳ සංවාදය ඉකුත් 13 -17 දක්වා චීනයේ චොංචිං නුවර දී පැවැත්විණ. එහිදී චීනය මානව හිමිකම් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළේ ය. යුරෝපා සංගමය චීනයට අදාළව නිකුත් කළ 2023 වසරේ මානව හිමිකම් වාර්තා සහ චීනයේ හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ද චීනය අප්‍රසාදය පළ කර ඇත. එසේම, යුරෝපා සංගමය නැගූ මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කළ චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

සංවාදයේ දී දෙපාර්ශ්වය විවෘත ව අදහස් හුවමාරු කර ගත් අතර ළමුන්, කාන්තාවන් හා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමට ද කැමැත්ත පළ කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළේ ය. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් ව යුරෝපා සංගමය සමග එක්ව මානව හිමිකම් සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානම් බව ද හෙතෙම කියාසිටියේය.

එහෙත්, මානව හිමිකම් දේශපාලනීකරණය සහ මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට තරයේ විරුද්ධ වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here