Home උණුසුම් පුවත් රුසියාවට කුලී හේවායන් වූ ලාංකිකයන් ගෙන්වා ගන්න රජයේ කණ්ඩායමක් යයි

රුසියාවට කුලී හේවායන් වූ ලාංකිකයන් ගෙන්වා ගන්න රජයේ කණ්ඩායමක් යයි

රුසියාවට කුලී හේවායන් වූ ලාංකිකයන් ගෙන්වා ගන්න රජයේ කණ්ඩායමක් යයි

රුසියාවේ හමුදා කටයුතු සඳහා කුලී හේවායන් ලෙස යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යාමට නියමිතව තිබේ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ කණ්ඩායමක් ඒ සඳහා එක්වන බව අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කීය.

ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා ලබන 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවයි.

බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබේ.

ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here