Home දේශීය පුවත් GOSSIP චන්දිමාල්ගේ සාදයට ආ ව්‍යාපාරිකයෝ එක්ක නිරූපිකාවෝ තවත් කාමරවල පාටි දාලා

චන්දිමාල්ගේ සාදයට ආ ව්‍යාපාරිකයෝ එක්ක නිරූපිකාවෝ තවත් කාමරවල පාටි දාලා

චන්දිමාල්ගේ සාදයට ආ ව්‍යාපාරිකයෝ එක්ක නිරූපිකාවෝ තවත් කාමරවල පාටි දාලා

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ රාත්‍රි පැවති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුමට සහභාගි වූ ධනවත් ව්‍යාපාරිකයන් හා නිරූපිකාවන් පිරිසක් ඉන් පසුවත් එහි කාමර කිහිපයක් වෙන්කරවාගෙන නවාතැන්ගෙන සිටි බවටත් ඔවුන් හඳුනාගනිමින් සිටින බවත් පොලීසිය පවසයි.

මැණික් ව්‍යාපාරිකයන්, මෝටර් රථ අලෙවි හිමිකරුවන් ආදි ව්‍යාපාරිකයන් රැසක් මෙම සාදයට සසහභාගි වී ඇතැයි විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු අනාවරණය වී ඇත.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම සාදය පැවති කාමරයක අද අලුයම මත්පැන් පානය කොට සිටී නිරූපිකාවක් හා රංගන ශිල්පිණියක වන පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනය බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මත මුදා හැර ඇත.

සාදයට විස්සක් විසිපහක් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි සැලකෙන අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here