Home උණුසුම් පුවත් අද පැය 4ක් තුළ වාහන 56,000ක් කොළඹට

අද පැය 4ක් තුළ වාහන 56,000ක් කොළඹට

අද පැය 4ක් තුළ වාහන 56,000ක් කොළඹට

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇති අද පෙරවරුවේ පැය 04ක් වැනි කාලයක් තුළ කොළඹ නගරයට වාහන 55944ක් පැමිණ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අතරින් වාහන 3528ක් කිසිඳු හේතුවක් නොමැතිව කොළඹට පැමිණි වාහන බවද හෙතෙම කීය.

ඒ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වාහන 20440ක් පැමිණ තිබේ.

අත්‍යවශ්‍ය ආහාර තොග රැගත් වාහන 7000ක්ද පැමිණ ඇත.

ඊට අමතරව පිසූ ආහාර රැගත් වාහන 4768ක්ද ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වාහන 8236ක්ද ගමන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here