Home දේශීය පුවත් උණුසුම් පුවත් පොලිසියේ නිවාඩු ලබන15 දක්වා අවංගු කෙරේ

පොලිසියේ නිවාඩු ලබන15 දක්වා අවංගු කෙරේ

පොලිසියේ නිවාඩු ලබන15 දක්වා අවංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ලබන ජූනි 15 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය බැවින් එම තීරණය ගත් බවද ඒ මහතා කීය.

පවතින කොවිඩ් තත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කෙරුණේ ඉකුත් 11 වෙනිදා සිට අද (31) දක්වාය. සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින්ගේ සේවය අත්‍යවශ්‍ය වී ඇති බැවින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීනගේ නිවාඩු අවලංගු කිරීම මෙසේ දීර්ඝ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here