Home උණුසුම් පුවත් දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

ඕනෑම මොහොතක ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස එම කටයුතු ආරම්භ කරන බව ඇය සඳහන් කළාය.

කඩිනමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය සේවකයන් හා මුද්‍රණමය පහසුකම් මුද්‍රණාලය සතු බවද ඇය කියාසිටී.

මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව නියමිත පරිදි ලබාදීමෙන් දින 28ක් තුළ අදාළ කාර්යය නිම කළ හැකි බව ගංගානි ලියනගේ මහත්මිය විශ්වාසය පළකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here