Home උණුසුම් පුවත් සැමියා මුහුදුගොස් සිටියදී බිරිඳව දූෂණය කර මරාදමලා

සැමියා මුහුදුගොස් සිටියදී බිරිඳව දූෂණය කර මරාදමලා

සැමියා මුහුදුගොස් සිටියදී බිරිඳව දූෂණය කර මරාදමලා

සැමියා මුහුදු ගොස් සිටියදී බිරිඳව දූෂණය කර ඝාතනය කළ අපරාධයක සැකකරුවන් සොයා මරදන්කේණි පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී මරදන්කේණි තාලයඩි පදිංචිකාරියක් වන ජේ. සංගීතා නැමැති 44 හැවිරිදි තිදරු මවකි.

ඇගේ සැමියා ධිවර රැකියාවට ගොස් ඊයේ අලුයම නිවසටට පැමිණි විට බිරිද වැසිකිලිය අසල වැටී සිටිනු දැක පේදුරුතුඩුව රෝහලට කඩිනමින් රැගෙන ගොස් තිබේ.

රෝහලට ඇතුලත්කරන විටත් ඇය සිට ඇත්තේ මියගොසිනි. මේ සම්බන්ධයෙන් කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඇයව දූෂණයකර ගෙල සිරකර ඝාතනයකර ඇති බවය.

මෙම අපරාධය කවුරුන් විසින් සිදුකළේ දැයි මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here