Home දේශීය පුවත් උණුසුම් පුවත් නිරෝධායන නීති කැඩුවාට 914 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩුවාට 914 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩුවාට 914 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 914 දෙනෙක් අද (30) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙරට නිරෝධායන නීිතිය ක්‍රිියාත්මක වූ 2020 මාර්තු 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පැය 24 ක්අ තුළ ත්අඩංගුවට ගත් වැඩිම පිිරිස වන්නේ මෙය බව ද අජිත් රෝහන මහතා පැවසීය.

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතත්තේ මාතලෙනි. එම ගණන 171 ක් වන බවත් නිකවැරටියෙන් 116 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙතෙක් නිරෝධායන නීති උල්ලඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 17300 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ‍ගෙන ඇතැයිද අජිත් රෝහන මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here