Home උණුසුම් පුවත් මහබැංකුව නිදි! ඔන්ලයින් වංචාවේ සල්ලි රටින් එළියටත් ඇදලා (📹)

මහබැංකුව නිදි! ඔන්ලයින් වංචාවේ සල්ලි රටින් එළියටත් ඇදලා (📹)

මහබැංකුව නිදි! ඔන්ලයින් වංචාවේ සල්ලි රටින් එළියටත් ඇදලා (📹)

ජංගම දුරකථන, පරිගණක ඔස්සේ ඉතිරිකිරීමේ හා ජංගම බැංකු ගිණුම් මගින් වංචනික ලෙස මුදල් ඇදගැනීමේ ඔන්ලයින් සිදුවන මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අදත් පාර්ලිමේන්තුවේදී කරුණු රැසක් අනාවරණය ක‍ර තිබේ.

ඔහු චෝදනා කරන්නේ මේ පිළිබඳ පසුගිය මාසයේ 25 වැනිදා මැතිසබයට තමා හෙළිකළත් මහබැංකුව මෙතෙක් නිසි පියවරක් නොගෙන නින්දේ පසුවීම ගැටලුවක් බවයි.

මේ වනවිට ගැනුම්කරුවන් දහසක් පමණ මෙම වංචාවට හසුවී ඇති අතර රුපියල් මිලියන 1000කට අධික මුදලක් ක්‍රිප්ටෝ මුදල් ලෙසින් රටින් පිටතට ඇදගෙන ගොස් ඇති බව අනාවරණය කර සිටී.

විදුලි සංදේශ නියාමන කොමිසමට සහ මහබැංකුවට මේ පිළිබඳ පියවර ගත හැකිව තිබුණත් තවමත් කිසිවක් නොකිරීම බරපතළ කරුණක් බව ඔහු අවධාරණය කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පිළිතුරු දෙමින් කියාසිටියේ මේ පිළිබඳ වහා පියවරක් ගෙන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම වංචාව සිදුවන ආකාරය පිළිබඳ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා අද මෙලෙස තොරතුරු හෙලිකළේය.

සබැඳි පුවත්
ඔන්ලයින් බැංකු ගනුදෙනු අවදානමක! මහාපරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක් (📹)
ෆෝන් එකෙන් මේවා කරලා අහුවෙන්න එපා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here