Home උණුසුම් පුවත් ශාන්තිකර්මය කරන්න බෑ කියූ කපුවාට නාකොටික් රාළහාමි තඩිබාලා

ශාන්තිකර්මය කරන්න බෑ කියූ කපුවාට නාකොටික් රාළහාමි තඩිබාලා

0
ශාන්තිකර්මය කරන්න බෑ කියූ කපුවාට නාකොටික් රාළහාමි තඩිබාලා

ශාන්තිකර්මයක් සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී කපු මහතෙකුට සහ ඔහුගේ බිරිඳට පහරදී පලායමින් සිටී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් අයෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගලෙන් බිඳුනුවැව පොලිස් ස්ථානයට භාරදී තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පුද්ගලයෙකු පසුගිය 26දින ගලෙන්බිඳුනුවැව, හිඹුටුගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක පිහිටී දේවාලයකට ගොස් ඇත්තේ කොස්තාපල්වරයාගේ මවගේ අසනීප තත්ත්වයකට ශාන්තිකර්මයක් කර ගැනීමටය.

එහිදී එම ශාන්තිකර්මය සම්බන්ධයෙන් කපු මහතා සමග ඇතිවූ බහින්බස් වීමක් සමග එම ශාන්තිකර්මය සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම කපු මහතාට සහ ඔහුගේ බිරිඳට පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග ගොස් සිටී අනෙක් තැනැත්තා පහරදී ඔවුන් පැමිණි යතුරුපැදියෙන් පලාගොස් තිබේ.

එම අවස්ථාවේදී මෙම පහරදීම ගැන දැනගත් ගම් වාසීන් විසින් ඔවුන් දෙදෙනා පලා යමින් සිටි යතුරුපැදියේ ගමන් මග අතරමගින් හරස්කර ඔවුන් දෙදෙනාව අල්ලාගෙන ගලෙන්බිඳුනු වැව පොලිස් ස්ථානයට භාරදී ඇත. එම අවස්ථවේදී මොවුන් දෙදෙනා බීමතින් සිට ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා 26 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුනුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here