Home COVID මහනුවර පොලීසියේ 60කට කොරෝනා

මහනුවර පොලීසියේ 60කට කොරෝනා

මහනුවර පොලීසියේ 60කට කොරෝනා

අංජනා මල්ලවාරච්චි

මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරින් 60 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මහනුවර පොලිස් මුලස්ථානයේ නිලධාරීන්ට සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනාගත් බව ද එම නිලධාරියා කීය.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් 60 දෙනාම මේ වන විට බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවාසයේ පිහිටුවා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙන බවද ඔහු කීය.

කොවිඩ් ආසාදිතයින් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස් වල නිරෝදානය ට යොමුකර යොමු කර තිබෙන බවද එම පොලිස් නිලධාරියා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here