Home උණුසුම් පුවත් උපත් පාලන කොපුවල කොකේන් පුරවා ගිලගෙන ආ විදෙස් කත කොටුවේ

උපත් පාලන කොපුවල කොකේන් පුරවා ගිලගෙන ආ විදෙස් කත කොටුවේ

0
උපත් පාලන කොපුවල කොකේන් පුරවා ගිලගෙන ආ විදෙස් කත කොටුවේ

උපත් පාලන කොපු අතර බහා එම කොපු ගිල උදරයේ සඟවාගෙන කොකේන් තොගයක් මෙරටට රැගෙන ආ මැඩගස්කර ජාතික කතක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කත පසුගිය 12 වෙනිදා මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී කළ ස්කෑන් පරීක්ෂාවේදී උදරය තුළ යමක් සඟවාගෙන පැමිණ ඇති බව පෙනී ගොස් තිබේ. ඒ අනුව ඇයව රදවාගෙන කළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ උදරය තුළ කොකේන් ගුලි 57ක් ඇති බවය.

ඇයව මීගමුව රෝහලට ඇතුලත්කිරීමෙන් පසු අද උදෑසන වන විට ගිල තිබුණු කොකේන් ගුලි සියල්ල පිටතට ගෙන ඇති අතර එම කොකේන්වල බර ග්‍රෑම් 620ක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here